සන්දේශ සාහිත්‍යය
සන්දේශ කාව්‍යය යනු පණිවිඩයක් අන්තර්ගත කොට කරන ලද කාව්‍යයක් ලෙස සරලව දැක්විය හැකි ය. කෘතියක් සන්දේශ කාව්‍යක් වීමට නම් එහි කරුණු හතරක් ඇතුළත් විය යුතු ය. එනම් ප්‍රේෂක, හාරක, ග්‍රාහක, සන්දේශ යනු යි.
·
ප්‍රේක්ෂක -පණිවිඩ යවන තැනැත්තා
·
හාරක- පණිවිඩය ගෙන යන
තැනැත්තා
·
ග්‍රාහක- පණිවිඩය ලබන තැනැත්තා
·
සන්දේශ- පණිවිඩය
ලෝක සාහිත්‍යයෙහි හමු වන පළමු වන දූත කාව්‍ය
කාලිදාසයන්ගේ මේඝදූතය යි. සංදේශ කාව්‍යය වශයෙන්
සංස්කෘත පඬිවරුන් කරුණු නමයක් දක්වා සිටි යි.
1)
ප්‍රසිද්ධ පුරුෂයකු හෝ ස්ත්‍රියක කතා
නායකයා වීම.
2)
දූතයා වංශදියෙන්
සුන්දරයෙකු වීම.
3)
දූත වැනුම ඉතිහාස කථාවක්
හෝ ආශිර්වාදයක් පූර්ව වීම.
4)
කුසල ප්‍රශ්නය
මුල්කොටගෙන දූතයා වැනිම.
5)
යා යුතු තැන් කීම.
6)
මාර්ග දේශාදි වර්ණනා
කිරීම.
7)
දේශ නාගරී නායකයනට ස්තුතිය.
8)
වෘත්තාන්තය කීම.
9) දූතාශිර්වාදය.
සන්දේශ සාහිත්‍යය තුළ
තත්කාලීන ආර්ථික , සමාජයීය, ආගමික, සංස්කෘතික මෙන්ම දේශපාලනික
තොරතුරු හුවා දක්වයි. සන්දේශ
සාහිත්‍ය යුගය වශයෙන් සැලකෙන කෝට්ටේ සාහිත්‍ය යුගයේ සන්දේශ තුළ රාජකීය කුල කතුන්, පුරඟනන්, ගැමි ලියන් ,නගරසෝභිනියන්, ගෙවිලියන් යන කාන්තාවන්
හා දිය කෙළියේ යෙදෙන කාන්තාවන් පිළිබඳ ව චිත්ත රූප මවා දක්වයි. කෝට්ටේ යුගයේ සන්දේශ
සාහිත්‍යය වශයෙන්
පරවි සංදේශය- මුල්ම සංදේශය යි තොටගමුවේ
ශ්‍රී රාහුල හිමියන් විසින් පරිවියකු අත දෙවිනුවර උපුල්වන් දේවාලයට රැගෙන ගිය දූත
පණිවිඩයකි.
කෝකිල සන්දේශය- දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි
මෙහි කතානායක වේ. දෙවිනුවර සිට
යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය දීර්ඝත ම සිංහල සන්දේශය යි.
ගිරා සන්දේශය -ලංකාදීපය හයවන පැරකුම්
රජු හා ලංකාදීපය සතුරු රෝග යක්ෂ බිය ආදි කරදරවලින්
ආරක්ෂා කරදෙන ලෙස නාථ දෙවියන්ගෙන් කරන ඉල්ලීමකි.
හංස සන්දේශය- ගිරාවට
පිළිතුරු වශයෙන් ලියූවකි. හයවන පැරකුම්
රජු සතුරු කරදරවලින් ආරක්ෂා කරදෙන ලෙස උපුල්වන් ,කඳකුමරු, සමන් ,විභීෂණ යන දෙවිවරුන්
ගෙන් ඉල්ලා සිටින ලෙස රතන හිමියන්ගෙන් ඉල්ලන ඉල්ලීම්කි.
සැලලිහිණි සන්දේශය - රාහුල හිමියන් විසින් රචිත ය. මේ අස්න ඉදිරිපත් කරන්නේ කැලණියේ විභීෂණ දෙවියන් වෙත ය. නන්නුර්තුනයාර්-උලකුඩය යුවළට පුත්රුවනක් නැති නිසා නැණ ගුණ තෙද යුත් පුත් රුවනක් ලබාදෙන ලෙස
අයැදීමට මේ සංදේශය ලියැවිණි
සිරිරාම සංදේශය ගැන විස්තර නැද්ද
ReplyDelete