ගිරා සන්දේශය
ගිරා සන්දේශය
ලියැවී ඇත්තේ ක්‍රි.ව. 1457 - 1465 දක්වා කාලය අතරතුරය. මෙහි කතුවරයා
කවුරුන්දැයි පැහැදිලි නැත. එහෙත් ඔහු විසුවේ ජයවර්ධනපුර මහාවිහාරයක බව විශ්වාස
කෙරේ. එලෙසම කතුවරයා ගිරවා නික්මවන්නේ තමන් විසූ වෙහෙරින් වන බැවින් ඔහු සඟනමක්
බවද පැහැදිලි වන්නකි. පරෙවි, කෝකිල, සැළලිහිණි ආදී මේ වන විට ලියැවී තිබූ සන්දේශ
කාව්‍යයන් හි දූතයන් ගියේ දෙවියන් වෙතය නැතහොත් දෙවියන්ගෙන් ආසිරි රැගෙන රාජ්‍ය
නායකයන් වෙත ය. එහෙත් මෙම සන්දේශ කාව්‍යයේ දූතයා වන ගිරවා යනුයේ තොටගමුවේ විජයබා
පිරිවෙන්පති වෙත ය. ශ්‍රී සංඝබෝධිවිජයබා නමින් මේ ග්‍රන්ථයෙහි දැක්වෙන මෙම
පිරිවෙන්පති, රහල් හිමියන් බව පිළිගෙන ඇත.
හංස සන්දේශය
හංස සන්දේශය ක්‍රි.ව.
1457 - 1465 කාලය තුලදී කරවූ බව පෙනේ. මෙම සන්දේශ කාව්‍යය ලියැවී ඇත්තේ මෙයට
පෙර ලියැවුනු සන්දේශ කාව්‍යයක් වන ගිරා සන්දේශය ට පිළිතුරු වශයෙනි. ගිරා සන්දේශයෙහි
එක් අදහසක් වූයේ තොටගමුවේ විජයබා පිරිවෙනත් එහි හිමියනුත් වර්ණනා කිරීම යි. මේ අදහස මුදුන්පත්
කරගන්නා අටියෙන් ගිරා සන්දේශ කතුවරයා සිදු කලේ පැරකුම්බා රජුට ආසිරි පතන නියායෙන්
ගිරවා තොටගමුවේ විජයබාපිරිවෙන්පති රාහුල හිමියන් වෙත යැවීම යි. මෙම වර්ණනා කිරීම
නොඉවසු පිරිසක් විසින් පෙරදැරිව හංස සන්දේශය කරවූ බවක් පෙනේ. මෙම සන්දේශ කාව්‍යය
කර වූ පිරිස රාහුල හිමියන්ගේ පිළිවෙත්හි වරදම දුටු බවක් පෙනේ. මෙම පිරිස ගිරවාට
පිළිතුරු වශයෙන් හංසයා දූත ගමනක යෙදවූ බව පෙනේ. ගිරා සන්දේශයේ කතුවරයා මෙන්ම මෙම
හංස සන්දේශයේ කතුවරයාද කවුරුන්දැයි පැහැදිලි නැත. මෙම කතුවරයා මේ පොතට දුන් මුල්
නම "තිසරසන්දෙස" යනුයි. එනමුදු මෙම නමින් ලියැවුනු අනෙක් සන්දේශයක් ඒ වන විට ව්‍යවහාරයේ
පැවතිණ. එබැවින් මෙම කාව්‍යය ප්‍රසිද්ධයට පත්වූයේ හංස සන්දේශය නමිනි. සන්දේශ කාව්‍යයේ
කවි 200ක් අඩංගුව ඇත. මෙම කාව්‍යය කරවූ වර්ෂය
සඳහන්ව නැත. එහෙත් ගිරා සන්දේශයට අනතුරුව, ඒහා සමකාලීනව
ලියැවුනු කාව්‍ය ග්‍රන්ථයක් ලෙස මෙය සැලකිය හැක.
No comments:
Post a Comment