සන්දේශ සාහිත්‍යය තුළින් හෙළිවන තත්කාලීන සමාජ පසුබිම
සන්දේශ සාහිත්‍ය තුළ තත්කාලීන ආර්ථික, සමාජයීය, ආගමික, සංස්කෘතික මෙන්ම දේශපාලනික තොරතුරු ද හුවා දක්වයි. කෝට්ටේ යුගයේ
බිහි වූ සන්දේශ තුළ රාජකීය කුල කතුන්, පුරඟනන්, ගැමි ලියන්, නගර
සෝභිනියන්, ගෙවිලියන් යනාදී
කාන්තාවන් ද, තුටින් දිය කෙළියෙහි
යෙදෙන කාන්තාවන් ද පිළිබඳ චිත්ත රූප මවා දක්වයි. මෙවන් නිරූපණයන් ඇසුරෙන් තත්කාලීන
සමාජයේ පැවති කෘෂිකර්මාන්තය, සත්ත්ව
පාලනය ඇතුළු සෙසු කර්මාන්ත හා වෘත්තීන් මෙන්ම සමාජයේ සමෘද්ධිමත් බව ද හුවා දක්වයි.
සලා දුලා පියොවුරු තඹර
රොන් රත
පුලා නිලා උපුලන් ලාගෙන කනත
කලා පිලා නොව ඇල්ගෙවි
කෙලින ඉත
බලා පලා යව අස්වන් ගුරුළු
කෙත
සැළලිහිණි සන්දේශයෙහි 38 වන පද්‍යය මගින් ලංකාද්වීපයේ එකල පැවති කෘෂිකාර්මික පසුබිම මෙසේ
විචිත්‍රණය කර දක්වයි.
සන්දේශයන්හි සාහිත්‍යමය වටිනාකම
සන්දේශ සාහිත්‍යය තුළ වීර, ශාන්ත, ශෘංගාර, කරුණා, හාස්‍ය, රෞද්‍ර, අද්භුත, භීබත්ස, භයානක යන නව නළු රස අන්තර්ගතය. කාව්‍යමය ආභරණයන් වන එළිසමය, සමුද්‍රඝෝෂ/ ගී වැනි කාව්‍ය විරිත්,
පුර වැනුම් වැනි අවස්ථාවන්හිදී අතිශයෝක්ති අලංකාර, උත්ප්‍රේක්ෂාලංකාර, උපමාලංකාර
යනාදී රසාලිප්ත කාව්‍යාලංකාර ද සන්දේශයන්හි සාහිත්‍යමය වටිනාකම වර්ධනය කරයි.
නූතන නිර්මාණකරණ විෂයෙහි සන්දේශ සාහිත්‍යයෙහි වටිනාකම
සන්දේශ සාහිත්‍යයෙහි භාෂා රටාව වර්තමානයෙහි එක්වරම කියවා අවබෝධ
කරගැනීම තරමක් අපහසු වුවද එය සන්දේශ සාහිත්‍යයෙහි සර්වකාලීන රසයට බාධාවක් නොවේ. මේ
අනුව නූතන නිර්මාණකරණය විෂයෙහි මූලාශ්‍රයක් ලෙස ද යොදාගැනීමට ඉඩහසර පවතින සන්දේශ
සාහිත්‍යය, අතීතයෙන් උරුම වූ අමිල
සාහිත්‍යමය අංගයකි.
No comments:
Post a Comment