Sunday, June 23, 2019

පරෙවි සන්දේශය


පරෙවි සන්දේශය

 

පරෙවි සන්දේශය, ගිරා සන්දේශය, සැලළිහිණි සන්දේශය, කොවුල් සන්දේශය, හංස සන්දේශය, යන මේ සන්දේශ කෝට්ටේ යුගයේ රචනා වූ ඒවාය. කෝට්ටේ යුගයේ දී බිහි වූ මුල්ම සන්දේශ කාව්‍යය ලෙස පරෙවි සන්දේශය හඳුන්වා දිය හැක.තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලදී. ඒ බව පරෙවි අස්නේ සඳහන් වන,
 කඳ කුමරුන් වර ලද පසළොස්   වයසවදහළ රහල් වැඩි තැන කල රුවු   සඳෙස”
කියමනෙන් පැහැදිලි වෙයි.
 ශ‍්‍රී රාහුල හිමියන් වාසය කළේ තොටගමුවේ ය. නමුත් පරෙවියා පිටත් කර හරින්නේ එවකට අගනුවර ලෙස සැලකෙන ජයවර්ධනපුරයේ සිටයි. දෙවිනුවර උපුල්වන් දේවාලයට පරෙවියා සන්දේශය රැගෙන යයි.ශ‍්‍රී රාහුල හිමියන් මුලින්ම පරෙවියාට ආසිරි පතන්නේ මෙවැනි ගීයකිනි.

සැරද පරෙවිඳු සඳ – පඬුවන් සුරත් සරණින්පහළ හළ කිරි මුහුදින් - සහ පබළ පලු සක්වන්!

 “සුදු සිරුරත් රතු පාට වන් වූ පතුලත් නිසා හරියට කිරි මුහුදින් පහළ වූ පබලා දලුවලින් යුක්ත හක්ගෙඩියක් බඳු පරෙවි රජතුමාණෙනි බොහෝ කල් ජීවත් වන්න”

නූතනයේ කෝට්ටේ නමින් හැඳින්වෙන ප‍්‍රදේශය අතීතයේ ජයවද්දන පුරය නම් විය. මේ පුරය අලගක්කෝනාර නම් ඇමතිවරයා විසින් ගොඩ නගන ලදී. මෙහි සිටි බලවත් ම මහ රජාණෝ හයවැනි පැරකුම්බාවෝ ය. දොන් ජුවන් ධර්මපාල රජතුමා රජකම් කළ ජයවර්ධනපුරය පරෙවි කතුවරයා වර්ණනා කරන්නේ මෙසේ ය.

 කළ සුලකළ හෙළ රුවනින් තුඟු   නැබළ
ලෙළ සිසිලින් පිරි පිරි වෙතැ පවුරු         දුළ
අළලත වරු කිරණව මත් පහර         පළ
පළ කළෙ සළා දී නැගි වට තරග   වැළ

ජයවර්ධන පුරයේ මහ පවුර සුදු පාට මාණික්‍යයෙන් කරන ලද්දේ ය. ඒ පවුර අසල දිය අගලක් වේ. ඒ දිය හැම විටම ඝෝෂා කරන්නේය. ඝෝෂා කරන විට ඉවුරේ ඉතා උසට ඇති පවුර බැබළෙයි. දිය අගලේ ඇති පවුර කෙසේ බැබළෙන්නේද කිවහොත් කිරි දියෙන් වෙන් කර ගැනීමට කිරි සයුර කුරටියෙන්  (කෝටුවෙන්) කළඹන විට උසට නැඟුන රළ පේළිය වැනි යැයි කියයි.

 මීට අමතරව පරෙවි සන්දේශ කතුවරයා ජයවර්ධන පුරයේ රජකම් කරන ලද පැරකුම්බා රජුගේ කීර්තිය තේජස අපූර්වට වර්ණනා කරයි. තවද මඟ වැනුම් පොකුණු වැනුම් දෙවි නුවර වැනුම, රැඟුම් වැනුම, උපුල්වන් සුරිඳු වැනුම ආදී වැනුම් විශාල ප‍්‍රමාණයක් සන්දේශයට ඇතුළත් කර තිබේ. පද්‍ය 230 කින් සමන්විත වූ පරෙවි සන්දේශයෙන් සමකාලීන සමාජ ආර්ථික දේශපාලන තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකිය. මේ අනුව පෙනී යන්නේ තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමි ලිවූ පරෙවි සංදේශය ඉතා විශිෂ්ට සන්දේශ කාව්‍යයක් බවයි.


Monday, June 17, 2019

සන්දේශ සාහිත්‍යය




සන්දේශ සාහිත්‍යය


සන්දේශ කාව්‍යය යනු පණිවිඩයක් අන්තර්ගත කොට කරන ලද කාව්‍යයක් ලෙස සරලව දැක්විය හැකි ය. කෘතියක් සන්දේශ කාව්‍යක් වීමට නම් එහි කරුණු හතරක් ඇතුළත් විය යුතු ය. එනම් ප්‍රේෂක, හාරක, ග්‍රාහක, සන්දේශ යනු යි.
·         ප්‍රේක්ෂක -පණිවිඩ යවන තැනැත්තා
·         හාරක- පණිවිඩය ගෙන යන තැනැත්තා
·         ග්‍රාහක- පණිවිඩය ලබන තැනැත්තා
·         සන්දේශ- පණිවිඩය

ලෝක සාහිත්‍යයෙහි හමු වන පළමු වන දූත කාව්‍ය කාලිදාසයන්ගේ මේඝදූතය  යි. සංදේශ කාව්‍යය වශයෙන් සංස්කෘත පඬිවරුන් කරුණු නමයක් දක්වා සිටි යි.

1)      ප්‍රසිද්ධ පුරුෂයකු හෝ ස්ත්‍රියක කතා නායකයා වීම.
2)      දූතයා වංශදියෙන් සුන්දරයෙකු වීම.
3)      දූත වැනුම ඉතිහාස කථාවක් හෝ ආශිර්වාදයක් පූර්ව වීම.
4)      කුසල ප්‍රශ්නය මුල්කොටගෙන දූතයා වැනිම.
5)      යා යුතු තැන් කීම.
6)      මාර්ග දේශාදි වර්ණනා කිරීම.
7)      දේශ නාගරී නායකයනට ස්තුතිය.
8)      වෘත්තාන්තය කීම.
9)      දූතාශිර්වාදය.

සන්දේශ සාහිත්‍යය තුළ තත්කාලීන ආර්ථික , සමාජයීය, ආගමික, සංස්කෘතික මෙන්ම දේශපාලනික තොරතුරු හුවා දක්වයි. සන්දේශ සාහිත්‍ය යුගය වශයෙන් සැලකෙන කෝට්ටේ සාහිත්‍ය යුගයේ සන්දේශ තුළ රාජකීය කුල කතුන්,  පුරඟනන්, ගැමි ලියන් ,නගරසෝභිනියන්, ගෙවිලියන් යන කාන්තාවන් හා දිය කෙළියේ යෙදෙන කාන්තාවන් පිළිබඳ ව චිත්ත රූප මවා දක්වයි. කෝට්ටේ යුගයේ සන්දේශ සාහිත්‍යය වශයෙන්

 පරවි සංදේශය- මුල්ම සංදේශය යි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් පරිවියකු අත දෙවිනුවර උපුල්වන් දේවාලයට රැගෙන ගිය දූත පණිවිඩයකි.

කෝකිල සන්දේශය- දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි මෙහි කතානායක වේ. දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය  දීර්ඝත ම සිංහල සන්දේශය යි.

 ගිරා සන්දේශය -ලංකාදීපය හයවන පැරකුම් රජු හා ලංකාදීපය සතුරු රෝග යක්ෂ බිය ආදි  කරදරවලින්   ආරක්ෂා කරදෙන ලෙස නාථ දෙවියන්ගෙන් කරන ඉල්ලීමකි.

හංස සන්දේශය- ගිරාවට පිළිතුරු වශයෙන් ලියූවකි. හයවන පැරකුම් රජු සතුරු කරදරවලින් ආරක්ෂා කරදෙන ලෙස උපුල්වන් ,කඳකුමරු, සමන් ,විභීෂණ යන දෙවිවරුන් ගෙන් ඉල්ලා සිටින ලෙස රතන හිමියන්ගෙන් ඉල්ලන ඉල්ලීම්කි.

සැලලිහිණි සන්දේශය - රාහුල හිමියන් විසින් රචිත ය. මේ අස්න  ඉදිරිපත් කරන්නේ කැලණියේ විභීෂණ දෙවියන් වෙත ය. නන්නුර්තුනයාර්-උලකුඩය  යුවළට පුත්රුවනක්  නැති නිසා නැණ ගුණ තෙද යුත් පුත් රුවනක් ලබාදෙන ලෙස අයැදීමට මේ සංදේශය ලියැවිණි







Monday, May 27, 2019

University of Sri Jayewardenepura


   


University Of Sri Jayewardenepura


       
In History Of Sri Lanka Secondly Started one is university of Sri Jayewardenepura. We are proud to say the vision of this university is prosper lives through learning.The mission of the University of Sri Jayewardenepura  founded upon the tenet "Vijja Uppathathan Setta" which means among all thort arise Knowledge is the great is to excel as an institution of higher learning.